ඩෙරික් ප්‍රින්ස් ගේ ජීවිතය, සේවය සහ ඉගැන්ඵීමී සටහන්

ඩෙරික් ප්‍රින්ස් ජාත්‍යන්තර බයිබල් ගුරුවරයෙතු වූ අතර, ඔහුගේ දේව ධර්මය, තීක්ෂණ බුද්ධිය සහ අවංක ක්‍රිස්තියානි ඇදහිල්ල බෙහෙවින් ගෞරවයට පාත්‍ර විය. ඔහු ලියූ සියයක් පමණ පොත්, නව කියවන්නන් විශාල සංඛ්‍යාවක් අවුරුදු පතා ආකර්ෂණය කරයි.

ඩෙරික් ප්‍රින්ස්

සේවය
ජාත්‍යන්තර බයිබල් ගුරුවරයා, කතුවරයා, දේවගැතිවරයා, මිෂනාරිවරයා සහ දේවධර්මාචාර්යවරයා
උත්පත්තිය :
14 අගෝස්තු 1915, ඉන්දියාවේ බැංගලෝර් හීදී
මරණය:
24 සැප්තැම්බර් 2003 (අවු: 88), ඊශ්‍රායෙලයේ යෙරුසලමේදී

අන්තර්ගතය

ස්ථානයට අනුචලනය කිරීමට ක්ලික් කරන්න

ජීවිතයේ මුල් කාලය

ඩෙරෙක් ප්‍රින්ස් 1915 දී ඉන්දියාවේ බැංගලෝර්හී බි්‍රතාන්‍ය හමුදා පවුලක උපත ලැබීය. වයස අවුරුදු 14 දී ඔහු ගී්‍රක සහ ලතින් භාෂාව ඉගෙන ගත් ඊටන් විද්‍යාලයට ශිෂ්‍යත්වයක් දිනා ගත්තේය. ඔහු එංගලන්තයේ කේම්බ්්‍රජ් විශ්ව විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය දිගටම කරගෙන ගිය අතර එහිදී ඔහු කිංග්ස් කොලේජ් හි පුරාතන හා නූතන දර්ශනය පිළිබඳ ශිෂ්‍යත්වයක් ලබා ගත්තේය. ඩෙරෙක් ඊට අමතරව කේම්බ්්‍රජ් විශ්ව විද්‍යාලයට යන අතරතුර හෙබ්‍රෙව් සහ ඇරමයික් ඇතුළු නවීන භාෂා කිහිපයක් හැදෑරූ අතර පසුව ඔහු ජෙරුසලමේ හෙබ්‍රෙව් විශ්ව විද්‍යාලයේදී එය පිරිපහදු කළේය.

ඩෙරික් හැදී වැඩුනේ ඇංග්ලිකන් පල්ලියේ වුවද, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේදී ඔහුගේ ක්‍රිස්තියානි මූලධර්මයන් අතහැර දමා අදේවවාදී ලෝක දැක්මක් අනුගමනය කළේය. එම වසර තුල ඔහු ලැබූ තෘයිතික අධ්‍යාපනය මෙනෙහි කරමින් ඔහු පැවසුවේ:

"මම දිගු වචන සහ වාක්‍ය ඛණ්ඩ බොහොමයක් දැන සිටි අතර බොහෝ දේ අත්හදා බලාද ඇත්තෙමි. නමුත්, ආපසු හැරී බලන විට මා ව්‍යාකූලත්වයට සහ කළකිරීමට පත් වූ බවත්, කළකිරීමෙන් බලවත් මුලාවට පත් වූ බවත් , පිළිතුරක් සොයා ගන්නේ කොහෙන්ද යන්න නොදත් බවත්, මා පිළිගත යුතුය".

දෙවන ලෝක යුද්ධය

දෙවන ලෝක යුද්ධයේ ආරම්භයත් සමග ඩෙරෙක්ගේ අධ්‍යනය ජීවිතයට බාධා ඇති විය. 1940 දී ඔහු තම පෞද්ගලික විශ්වාසයන් මත සටන්කාමී නොවන සොල්දාදුවෙකු ලෙස රාජකීය හමුදා වෛද්‍ය බලකායට ඇතුළත් විය. ක්‍රීයාශීලී හමුදා සේවයේදී ඔහුගේ අධ්‍යයන කටයුතු තවදුරටත් සිදු කිරීම සඳහා, ඩෙරෙක් දේවානුභාවය ලත් වචනයට වඩා දාර්ශනික කෘතියක් ලෙස එකල සැලකූ බයිබලයක් ඔහු සමග රැගෙන ගියේය.

1941 ජූලි 31 වන දින, යෝක්ෂයර් ප්‍රාන්තයේ ස්කාබරෝ හී පුහුණු බෑරැක්කයක ස්ථානගත වී සිටින විට, ඔහු යේසුස්වහන්සේ පිළිබඳව ලද බලවත් අත්දැකීම, ඔහුගේ ගමන්මග වෙනස් කළේය. ඒ ගමන් මග සිහිපත් කරමින් ඔහු මෙසේ පැවසීය. .

යේසුස් වහන්සේගේ කටහඬ මට ඇසුණා, ශුද්ධ ලියවිලි පද සහ බයිබලය තුළින් ඉතා පැහැදිලිව කතා කරනවා. ඒ වගේම උන්වහන්සේගේ කටහඬ ඇහුණු දවසේ ඉඳන් අද දක්වාම මම කවදාවත් සැක නොකළ කාරණා දෙකක් තියෙනවා. මම කවදාවත් යේසුස් ජීවමානයි සැක කළේ නැහැ, සහ බයිබලය දෙවියන්වහන්සේගේ වචනයද කියා කවදාවත් සැක කළේ නැහැ.

විසිවන සියවසේ විසූ ප්‍රමුඛතම බයිබල් ගුරුවරයෙකුගේ ආත්මීක ගමන ආරම්භ වූයේ එලෙසිනි.

ඔහුගේ කි්‍රස්තියානි සංවාදයෙන් පසු, ඩෙරෙක් උතුරු අපි්‍රකාචෙි කාන්තාරවල කි්‍රයාකාරී රාජකාරි සඳහා මාරු කරනූ ලැබු අතර එහිදී ඔහු හමුදා වෛද්‍යවරයකු ලෙස වසර තුනක් ගත කළේය. ඔහු තම විවේක කාලය කැප කළේ බයිබලය අධ්‍යයනය කිරීමටත් දෙවියන්වහන්සේ සමග පෞද්ගලික සබඳතාවක් නගා ගැනීමටත්ය.

යුදෙව් ජනතාව ඊශ්‍රායලයට නැවත පැමිණිමත් සමග බයිබලයේ අනාවැකි ඉටුවන බවට සාක්ෂි දරමින්, යෙරුසලමේ ස්ථානගත වී සිටි ඩෙරික්ව යුද්ධයේ අවසානයේදී, හමුදාවෙන් නිදහස් කරන ලදී.

ලිඩියා ප්‍රින්ස්

යෙරුසලම අසල ළමා නිවාසයක් පවත්වා ගෙන සිටි ඩෙන්මාර්ක මිෂනාරිවරියක වූ ලිඩියා ක්‍රිස්ටන්සන් නම් ඔහුගේ පළමු බිරිඳ සමග ඩෙරික් 1946 දී විවාහ විය. එසේ කිරීමෙන් ඔහු දරුකමට හදා වඩාගත් ගැහැණු ළමුන් අට දෙනෙකුගේ පියෙකු බවට පත් විය.

ඩෙරෙක් සහ ලිඩියා 1948 දී ඊශ්‍රායලයේ යුදෙව් රාජ්‍යය පිහිටුවීමෙන් පසුව ජෙරුසලමේ ජීවත් වූහ. නිදහස් සටනේදී අරාබි සහ ඊශ්‍රායල හමුදා අතරට හසු වූ ඔවුන් තම නිවසින් ඉවත් කර අකමැත්තෙන් එංගලන්තයට සංක්‍රමණය විය. මධ්‍යම ලන්ඩනයේ පදිංචි වූ පසු, ඩෙරෙක් හයිඩ් පාර්ක් හි ස්පීකර් කෝනර් හි දේශනා කිරීමට පටන් ගත් අතර, බොහෝ විට ලිඩියා සහ සමහර ගැහැණු ළමයින් කැටුව ගියේය. කාලයාගේ ඇවෑමෙන්, තවදුරටත් දේවසේවය සඳහා සහභාගි වූවන්ට පවුලේ නිවසට ආරාධනා කරන ලද අතර නව දේවස්ථානයක් බිහි විය මෙය 1956 දක්වා පැවතියේය. පි්‍රන්ස් දෙවියන්වහන්සේගේ කැඳවීමට ප්‍රතිචාර දක්වා 1957 ජනවාරි මාසයේදී මිෂනාරිවරුන් ලෙස කෙන්යාවට සංක්‍රමණය විය.

ඉන්පසු වසර කිහිපය කුල, යාඥාවෙන් මළවුන්ගෙන් නැගිට්ටවනු ලැබුවාවූ දැරියක් ද ඇතුළුව ප්‍රදේශවාසීන්ට කළ සේවයෙන්, ඩෙරික් සහ ලිඩියා මහත් ඵල ලැබුවෝය.

1962 වන විට, මෙම යුවළ අනාථ කෙන්යානු ළදරුවෙකු හදාවඩා ගත් අතර කැනඩාවේ නිවාඩු ව ගත කළහ. ලිඩියා ඩෙරෙක්ගේ වයසින් ඔහුට වඩා අවුරුදු 25කින් වැඩිමහල්ය ඇය හැත්තෑව දශකයේ මුල් භාගයේ පසුවූ අතර මිතුරන් හා අනෙකුත් ඇදහිලිවන්තයන් සමග සමීපව පදිංචි වීමට ආශාවෙන් සිටියාය. මෙම අවශ්‍යතාවයෙන් පෙලඹුණු ඩෙරෙක් මිනියාපොලිස්හි පෙන්තකොස්ත සභාවක බයිබල් ගුරුවරයෙකු වීමට ආරාධනයක් පිළිගත්තේය.

ඩෙරික් සහ ලිඩියා ප්‍රින්ස්

කෙසේ වෙතත්, දශකය අවසන් වීමට පෙර, පි්‍රන්ස් තවත් තුන් වතාවක් ගමන් කරනු ඇත∙ පිළිවෙලින් සියැටල්, චිකාගෝ සහ ෆෝට් ලෝඩර්ඩේල්. දේවසේවයේ වර්ධනයන් නව සහ අනපේක්ෂිත දොරටු විවර කළ නමුත්, මෙම යුවළ දෙවියන් වහන්සේගේ සදාකාලික ඇමතුමට විශ්වාසවන්තව සිටියහ.

1968 වන විට, එවකට ප්‍රචලිත වෙමින් තිබූ එවැන්ජලිස්ත සේවාව තුල ඩෙරික් ගේ ඉගැන්වීම් සේවය මහත් සේ වර්ධනය වෙමින් පැවතියේය. බලයෙන් සහ අධිකාරිත්වයෙන් වචනය දේශනාකරමින් ඔහු බොහෝ සේ ගමනේ යෙදුනේය.

1975 ඔක්තෝබර් 5වන දින, පවුලේ අය මධ්‍යයේ, අවුරුදු 85 දී, ලිඩියා ප්‍රින්ස් සාමකාමීව තම ජීවිතයෙන් සමුගත්තේය. එම වසරේම, ඇගේ මරණයට ටික කලකට පෙර ප්‍රකාශයට පත්කරනු ලැබූ , " යෙරුසලමේ පත්වීම" නම් කෘතියේ කතුවරිය ඇයය.

රූත් ප්‍රින්ස්

දරුකමට හදාගත් දරුවන් තිදෙනෙකුගේ තනිකඩ මවක වූ රූත් බේකර් නම් දෙවන බිරිඳ සමග, ඩෙරික් 1978 දී විවාහ වූයේය.

එක්ව, අද ඩෙරෙක් පි්‍රන්ස් සමග නමින් දිනපතා ගුවන් විදුලි වැඩසටහනක් දියත් කිරීමත් සමග සේවයේ නව අදියරක් මතු විය. මුලින් ගුවන් විදුලි මධ්‍යස්ථාන අටකින් විකාශනය වූ අතර, ප්‍රේක්ෂකයින් ඉක්මනින් වර්ධනය වූ අතර දේවසේවයේ උරුමය ශක්තිමත් විය. අද, මෙම පටිගත කිරීම් ලොව පුරා ඛෙදා හැර ඇති අතර විවිධ භාෂාවලින් ලබාගත හැකිය.

ඩෙරික් ගේ සහ රූත් ගේ ආදර කථාව ඔවුන් සම කතෘන් ලෙසින් ලියා පුකාශයට පත් කරන ලද " God is a Maatchmaker " නම් කෘතියේ සඳහන්ය.

ඩෙරික් සහ රූත් ප්‍රින්ස් 1985 දී සැම්බියාවේ සැම්බෙසි ගඟ අසල ඡායාරූපයකට පෙනී සිටිති.

සොයා ගත නොහැකි වූ රෝගයකින් කෙටිකාලීනව රෝගාතුරව සිටි රූත්, 1998 දෙසැමුබර් 29 වන දින, යෙරුසලමේදී මිය ගියේය. මිය යන විට 68 වන වියේ පසු වූ ඇය, දශක දෙකක කාලයක් තුල ඩෙරික් සමගින් විශ්වාසනීයව සේවයේ යෙදී සිටියාය.

ශෝකයෙන් මිදී ඩෙරෙක්ගේ හදවතේ තිත්ත ළිඳක් නැගෙන්නට විය. අවසානයේදී ඔහුව දෙවියන් වහන්සේගෙන් ඈත් කරන අපිරිසිදු බලවේගයක් දැනුණු ඔහු, රූත්ගේ අවමංගල්‍යය උත්සවයේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළේය, එය ඔහුගේ ඉතිරි වසර නිර්වචනය කරයි. කරඬුව පහත් කරන විට, ඩෙරෙක් රූත්ගේ ජීවිතයේ කළ සෑම දෙයකටම දෙවියන් වහන්සේට ස්තුති කළේය, ඔහුගේ ස්වර්ගික පියා කෙරෙහි ඔහුගේ ආදරය හා විශ්වාසය අවංකවම තහවුරු කළේය. එම සන්ධිස්ථානය ගැන ආවර්ජනය කරමින් ඔහු පසුව මෙසේ පැවසීය.

" එය මාගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් විය. රූත් පිළිබඳව මට දැනුනු ශෝකය සමග මට පෙරට යා නොහැකි බව මම උදක් දැන සිටියෙමි. මා නිතර දෙවියන්වහන්සේට දොස් නැගුවේ නම්, මාගේ ජීවිතයේ දොර වැසී යනු ඇත. ඉදිරියට ගමන් කළ හැකි එකම මග වූයේ මෙයයි".

මරණය:

වයස අවුරුදු 88 දී, ස්වාභාවික හේතූන් මත, 2003 සැප්තැම්බර් 24 වන දින ඩෙරික් ප්‍රින්ස් මිය ගියේය. පිරිහුණු සෞඛ්‍ය තත්වයකින් බොහෝ කලක් පීඩා විඳි ඔහු, යෙරුසලමේ තම නිවසේදී නින්දෙන් අවසන් ගමන් ගියේය.

යෙරුසලමේ ජාත්‍යන්තර එලායන්ස් දේවමැදුරේ සොහොන්බිමේ තැන්පත් කොට ඇති ඩෙරික් ගේ සොහොන්කොතේ මෙසේ සහන් වේ.

ඩෙරික් ප්‍රින්ස්
1915-2003
නිවහන වෙත ගියේය
දේවධර්මාචාර්ය
සත්‍යයෙන් ඇදහිල්ලෙන් සහ ප්‍රේමයෙන්
බොහෝ දෙනෙක් සඳහා යේසුස්වඑහන්සේ තුල ඇති
දෙවියන්වහන්සේ විශ්වාසවන්තය

වර්තමානයේ කෝනර්ස්ටෝන් නමින් හඳුන්වන ටෙක්සාස් හි සැන් ඇන්ටෝනියෝ ප්‍රාන්තයේ ට්‍රිනිටි දෙවස්ථානයේ 1974 දී ඩෙරික් ප්‍රින්ස් දේශනා කරයි.

දේවධර්මචාර්ය

1944 දී ඊශ්‍රායලයේ කිරියට් මොද්කින් නම් ස්ථානයේ වෛද්‍ය සැපයුම් ගබඩාවක ස්ථානගතව සිටියදී, සමිඳාණන්වහන්සේ ඩෙරික් ප්‍රින්ස්ට පැහැදිලිවම මෙසේ කී සේක.

ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුල පවතින සත්‍යයෙන්ද ප්‍රේමයෙන් ද, ඇදහිල්ලෙන්ද බොහෝ දෙනෙකුට ශුද්ධ ලියවිල්ලේ ගුරුවරයෙකු වන ලෙස ඔබ කැඳවා ඇත.

1941 දී ඩෙරික් සිටි වාතාවරණයේ දී එය බොහෝ දුරස්ථ ලෝකයක් සේ පෙනුනද, කාලයාගේ ඇවෑමෙන්, දෙවියන්වහන්සේගේ පොරොන්දුව සඵල විය.

එය කුඩා දිය පහරක් මෙනි. ඇළ ගගක් බවට පත් වෙයි. ගංගාව මහා ගංගාවක් වනු ඇත. මහා ගංගාව මුහුදක් වනු ඇත. මුහුද බලවත් සාගරයක් බවට පත් වන්නේය, එය ඔබ හරහා වන්නේය. නමුත් කෙසේ, ඔබ නොදැන සිටිය යුතුද, ඔබට දැනගත නොහැක, ඔබ නොදන්නේද?

අද දක්වාම, ඩෙරෙක් ප්‍රින්ස් නම හොඳ දේවධර්මය සහ දේවවචනයේ පැහැදිලි ක්‍රමානුකූල ඉගැන්වීම් සමග සමාන වෙි. ශ=ද්ධ ලියවිලි අධ්‍යයනය කිරීමට ඔහු තුළ තිබූ දැඩි ඇදහිල්ල සහ භක්තිය ඔහුව ඔහුගේ කාලයේ සිටි වඩාත්ම ගෞරවනීය හා ප්‍රශංසනීය බයිබල් ගුරුවරයෙකු බවට පත් කළේය.

ඩෙරෙක් පොත් 100 කට අධික ප්‍රමාණයක කතුවරයා වන අතර ඔහුගේ ජීවිතයේ සේවය සහ ආශාව අමරණීය කරන වටිනා බයිබල් ඉගැන්වීම් සම්පතකි. භාෂා 100කට වඩා වැඩි ගණනකට පරිවර්තනය කර ඇති ඒවා ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත කිතුනුවන් සඳහා ආභාෂයක් සහ අධ්‍යයනයේ මූලාශ්‍රයක් ලෙස පවතී.

2003 දී ඩෙරෙක්ගේ මරණයට වසරකට පෙර, ජෙරුසලමේ පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙක් අද සභාවට ඇති ලොකුම අවශ්‍යතාවය කුමක්දැයි ඔහුගෙන් විමසීය. බයිබල් ගුරුවරුන් ඩෙරෙක් පිළිතුරු දුන්නේ බරපතල බයිබල් ගුරුවරුන් යනුවෙනි. එම සංවාදය සිහිපත් කරමින් මාධ්‍යයවෙිදියා 2006 දී මෙසේ ලිවීය, ඇත්ත වශයෙන්ම, ඔහු වැනි ස්වල්ප දෙනෙක් සිට ඇත.

ඩෙරික් ප්‍රින්ස් මිෂනාරි සේවය

ඔහුගේ ඉගැන්වීම් බෙදා හැරීම සහ ප්‍රකාශනය සඳහා, 1971 මැයි මාසයේදී, ෆ්ලොරිඩාවෙි ෆෝර්ට් ලෝඩර්ඩේල් හිදී, ඩෙරික් නිල වශයෙන් කාර්යාලයක් විවෘත කළේය. මුල් කාලීනව ඩෙරික් ප්‍රින්ස් ප්‍රකාශන සේවය ලෙස හැඳින්වුවද, පසුකාලීන ව්‍යාප්තියෙන් පසු එය ඩෙරික් ප්‍රින්ස් මිෂනාරි සේවය ලෙස නම් කරන ලදී.

අද, ඩෙරෙක් පි්‍රන්ස් සේවාවන් ඕස්ටෙි්‍රලියාව, කැනඩාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, රුසියාව, දකුණු අපි්‍රකාව, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා රටවල් 45 කට අධික සංඛ්‍යාවක කාර්යාල ඇත. අධ්‍යාත්මිකව කුසගින්නෙන් පෙළෙන අයව සම්පාදනය කිරීමට එය ස්ථිරව කැපවී සිටින අතර, එසේ කිරීමෙන්, 2002 ජූලි මාසයේදී ඩෙරෙක් ඛෙදාගත් දර්ශනය තහවුරු කරයි

වසර හැටකට පමණ පෙර දෙවියන්වහන්සේ මා තුලින් ආරම්භ කළ මේ සේවය, යේසුස්වහන්සේ පැමිණෙන තෙක් පමත්වාගෙන යෑම මාගේ කැමැත්ත වන්නා සේම, එය දෙවියන්වහ්නසේගේ කැමැත්ත වන බවද මා විශ්වාස කරමි.
ඩෙරෙක් ප්‍රින්ස්
මුල් පිටුව
සම්පත්
+
සම්පත්ගබඩා කරන්නපුවත්ව්‍යාප්තිය
ගැන
+
පරිත්‍යාග කරන්න
සම්බන්ධ වෙන්න
+
අමතන්න
+
අමතන්න
White Facebook iconWhite YouTube iconWhite Instagram iconX icon